ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා යටතේ භාණ්ඩ ආනයනය 42% කින් කපාහැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශයේ සිට ගොඩබිම් හරහා සිදුවන භාණ්ඩ ආනයනය සඳහා නව සීමාවන් පැනවීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 770ක් පමණි වටිනා භාණ්ඩවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ගෝලීය වෙළෙඳ පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
ඉන්දියාවේ විදේශ වෙළෙඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නියෝගයකට අනුව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය බංග්ලාදේශයෙන් ආනයනය කරනු ලබන නිමි ඇඳුම් හා සැකසූ ආහාර ගොඩබිම් හරහා ගෙන්වීම තහනම් කිරීමට පියවර ගත් අතර, බංග්ලාදේශයේ සිට ඉන්දියාවට වාර්ෂිකව ගෙන්වනු ලබන ඇඟලුම්වල ඩොලර් මිලියන 618ක් වන බැවින් ඉන්දියාව ගත් තීරණයෙන් බංග්ලාදේශයේ ඇඟලුම් අපනයනයට දැඩි ලෙස බලපෑම් එල්ල වනු ඇතැයි ද වාර්තා වනවා.
මින් ඉදිරියට බංග්ලාදේශයෙන් භාණ්ඩ ආනයනය ගොඩබිම් ඔස්සේ නොව කල්කටා හෝ මුම්බායි වරාය හරහා පමණක් සිදු කිරීමට ද ඉන්දියාව පියවර ගෙන තිබෙන බව ද වාර්තා වනවා.