යුද්ධයෙන් විනාශ වූ සිරියාව යළි යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීම සඳහා සිරියාවට පනවා තිබූ ආර්ථික සම්බාධක ඉවත් කළ බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි කජා කල්ලස් සඳහන් කර ඇත්තේ සිරියාවේ හිටපු නායක බෂාර් අල් අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු එරට ජනතාවට තීරණාත්මක ජීවන මාර්ගයක් ලබා ගැනීමට සහාය දක්වන බවයි.
සාමකාමී සිරියාවක් සඳහා එරට ජනතාවගේ අයිතිය ලබාදීමට නව නායක අල් ෂාරා උත්සාහ දරමින් සිටින බවත්, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පසුගියදා පැවැති යුරෝපා සංගමයේ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසු මේ තීරණය ගත් බවත් යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
යුරෝපා සංගමය සිරියාවේ සම්බාධක ඉවත් කිරීමට පියවර ගනු ලැබුවේ පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිරියාවට පනවන ලද සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කිරීමෙන් පසුව බවද වාර්තා වනවා.