Latest News

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමටයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹී ඇත්තේ.

මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

World News

Send your contact Details Today