Latest News

බංග්ලාදේශ ජාතිකයන් විශාල පිරිසක් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අවාමි ලීගය පක්ෂයට පනවා ඇති තහනමට එරෙහිව බංග්ලාදේශ ජාතිකයන් විශාල පිරිසක් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙසයි.

විරෝධතාව මෙහෙයවූයේ අවාමි ලීගයේ එක්සත් ජනපද ලීගය විසින්.

ඊට තවත් පාර්ශ්ව බොහෝමයක සහාය ලැබී තිබුණා.

විරෝධතා සංවිධායකයින් පැවසුවේ වහාම මැදිහත් වන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට සංදේශයක් ඉදිරිපත් කළ බවයි.

අවාමි ලීගය නැවත ස්ථාපිත කර නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ඉඩ සලසන ලෙස බංග්ලාදේශ බලධාරීන්ට බලපෑම් කරන ලෙස රැලියේ කථිකයින් එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියා.

පසුගිය සතියේ බංග්ලාදේශ මැතිවරණ කොමිසම විසින් අවාමි ලීගයේ ලියාපදිංචිය අත්හිටුවීමට ගත් තීරණයකට අනුව මෙම විරෝධතාවය පැවැත්වුණු අතර එමඟින් අනාගත මැතිවරණවලට තරඟ කිරීම තහනම් කෙරුණා.

ජාතික මැතිවරණ සඳහා දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

World News

Send your contact Details Today