Latest News

ශ්‍රී ලංකාවේ EPF සේවා කටයුතු අද සිට දින 3ක් අත්හිටුවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ B කාඩ්පත් සංශෝධනය කිරීම ආදී කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

එම සේවා කටයුතුවලට අදාළ ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන්.

සේවාවන් සඳහා කලින් වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් මැයි මස 23 වැනිදා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබා දෙන බවයි කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

World News

Send your contact Details Today