Latest News

වයස්ගත අයගේ රෝගයක් ගැන සෙවීමට AI මෙවලමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයස්ගත ජනගහනය තුළ ඩිමෙන්ශියා රෝගීන් වැඩි වීම හා රෝගීන් හඳුනා ගැනීම විශාල ගැටලුවක් වී තිබෙනවා.

ලොව පුරා මිලියන 50 ක් පමණ ජනතාව යම් ආකාරයක ඩිමෙන්ශියා තත්වයකින් පෙළෙන අතර 2050 වසර වන විට එය තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක ඇල්සයිමර් වාර්තා මඟින් සනාථ වනවා.

මෙයට විසදුමක් ලෙස ඔස්ට්‍රේලියානු සහ ඇමරිකානු පර්යේෂක කණ්ඩායමක් එක්වී වෛද්‍ය වාර්තා සිය ගණනක් විශ්ලේෂණය කරමින් ඩිමෙන්ශියාව හඳුනා ගන්නා AI මෙවලමක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

AI භාවිතා කරමින් පුද්ගලයෙකුට රෝගය තිබේද නැද්ද යන්න තීරණය කිරීමේදී ඔවුන්ගේ Algorithm ඉතා නිවැරදි බව පර්යේෂකයන් පවසා සිටියා.

පුද්ගලයෙකු තුළ ඩිමෙන්ශියාව පවතින බවට ඉඟි ඇති බව පෙනී ගියහොත් මෙම ක්‍රමවේදය යොදාගැනීමෙන් ඔවුන්ට වඩා හොඳ සත්කාර ලබා දීමට හැකි බව මහාචාර්ය Velandai Srikanth අවධාරණය කර සිටියා.

World News

Send your contact Details Today