ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් මෙහෙයුම් හැකියාව පුඵල් කරමින් එහි කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු වරට ගැඹුරු මුහුදේ මීටර 100ක් දක්වා කිමිදී තිබෙනවා.
මෙතෙක් මීටර 55ක් පමණ කිමිදී තිබූ අතර මේ සමග දිය යට සෙවීම්, ගලවාගැනීම්, මුහුදු බෝම්බ නිෂ්ක්‍රිය කිරීම් සහ දියයට බිදීම් ඇතුලු මීටර 100 දක්වා ගැඹුරකින් මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සහිත කලාපීය නාවික හමුදාවන් අතරට මෙරට නාවික හමුදාව ද එක්වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ත්‍රිකුණාමලය – අලියා දූපත අසළ ගැඹුරු මුහුදේ ඊයේ මෙම මෙහෙයුම සිදු කෙරුණා.
ඒ සඳහා ගෑස් සහ වායු සම්මිශ්‍රණයෙන් කිමිදුම් සකස් කිරීම නාවික හමුදාව විසින්ම සිදු කිරීම විශේෂත්වයක්.