Latest News

සක්‍රීය තත්ත්වයේ ගිනි කන්දක අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්දෙහි අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම මට්ටමට වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටා ඇති ලෙවෝටෝබි ලකී-ලක ගිනි කන්ද පසුගිය සති අන්තයේදී අට වරක් පුපුරා ගියා.

මේ වනවිට ඉන් කිලෝමීටර් 3 සිට කිලෝමීටර් 5.5 දක්වා උසකට අළු සහිත දුමාරය පිට වෙමින් පවතිනවා.

එමෙන්ම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් හයක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කළ යුතු බවටයි නියෝග කර ඇත්තේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමක් මෙතෙක් සිදු ව නැහැ.

පසුගිය මාර්තු මාසයේදී ලෙවෝටෝබි ලකී-ලකී ගිනිකන්දේ පිපිරීමක් හේතුවෙන් ඕස්ට්රේතලියාවේ ජෙට්ස්ටාර් සහ ක්වන්ටාස් එයාර්වේස් ඇතුළු බාලි වෙත සිදු කෙරෙන ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවුණා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ද මෙම ගිනි කන්ද පුපුරා ගිය අතර පුද්ගලයින් නව දෙනෙකු මිය ගියා.

World News

Send your contact Details Today