Latest News

ඉන්දු – පාකිස්තාන එදිරිවාදිකම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කවුරුත් නොසිතූ තීරණයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පිරිමි ආසියානු කුසලානයෙන් සහ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයෙන් තම කණ්ඩායම් ඉවත් කර ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට මෙම තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වූ එදිරිවාදිකම් හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාකිස්තාන අමාත්‍යවරයෙකු ප්‍රධානියා වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා නොකරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

World News

Send your contact Details Today