Latest News

සෝමාලියාවට බෝම්බ ප්‍රහාර මාලාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි දමාන්යෝ හමුදා කඳවුරේ බඳවා ගැනීමේ මධ්‍යස්ථානයක ඊයේ (18) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අදාළ බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

බෝම්බ ප්‍රහාරය එල්ලවන විට හමුදා කඳවුරේ ගේට්ටුව අසල තරුණයක් රැසක් සිට ඇති අතර, ඒ හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පිරිස කඩිනමින් එරට හමුදා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

2023 දී වසරේදී ද මෙම දමාන්යෝ කඳවුර ඉදිරිපිට පිහිටි තවත් කඳවුරක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රහාරය එම ප්‍රහාරයට සමාන සිදුවීමක් බවයි විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.

World News

Send your contact Details Today