Latest News

එංගලන්තයේ ධනවතුන් දුප්පත් වෙද්දී චාල්ස් රජු සුපිරි පෝසතෙක් වෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ සිටින ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව එරට බිලියනපතිවරුන් වන ධනවතුන් ගණනාවකගේ වත්කම් අඩු වී ඇති අතර චාල්ස් රජුගේ වත්කම් හිටපු එංගලන්ත අගමැති රිෂි සුනක්ගේ වත්කමට සමාන අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ බව වාර්තා කර ඇත්තේ එංගලන්තයේ ඉරිදා පුවත්පතක් වන ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත විසින්.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව ඉකුත් වසරක කාලය තුළදී චාල්ස් රජුගේ වත්කම ස්ටර්ලින් පවුම් මිලියන 30 සිට මිලියන 640ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව මෙවර වාර්ෂික එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ චාල්ස් රජු ස්ථාන 20කින් ඉහළට ගොස් 258 වැනි ස්ථානයට පත්ව ඇති අතර එම ස්ථානයේ එංගලන්ත ධනවතුන් දෙදෙනකු වන රිෂි සුනක් හා මුර්ති ද රැඳී සිටින බව වාර්තා වනවා.

මෙවර නිකුත් වී තිබෙන වාර්ෂික එංගලන්ත ධනවතුන්ගේ ලැයිස්තුවට 350 දෙනකු අයත් වන අතර ඉන් බිලියනපතින්ගේ සංඛ්‍යාව 165 සිට 156ක් දක්වා පහළ බැස තිබෙනවා.

එංගලන්ත මාධ්‍යයට අනුව මෙය වසර 37කට පසු දක්නට ලැබුණු එංගලන්තයේ ධනවතුන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වන විට මිලියන ගණනක් වන එංගලන්ත වැසියන් සතුව කිසිඳු ඉතුරු කරගත් මුදලක් නොමැති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් අනාවරණය කර තිබෙනවා.

World News

Send your contact Details Today