Latest News

ශ්‍රී ලංකාවේ රුදුරු ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 16ක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තිස් වසරකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙළාගෙන සිටි රුදුරු LTTE ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 16ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී මෙරට විරෝධාර රණවිරුවන් අතින් මියයාමත් සමඟ රට තුළ තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය නිමාවට පත් වුණා.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික රණවිරු දින සැමරුම් උත්සවය’ හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී හෙට පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම උත්සවය වෙනුවෙන් කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.

World News

Send your contact Details Today