Latest News

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩකයෙකුට ඉන්දියාවෙන් කැඳවීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ට IPL තරගාවලිය සඳහා එක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඉදිරියේ දී එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැයි මස 18 සිට 24 දක්වා කාලය සඳහා තුළ ඔහුට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්වීමට මෙම අවසරය ලබා දී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගීවන ඉතිරි තරග තුන මැයි 18, 21 සහ 24 යන දිනයන්වල දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දියාවට යාමට පෙර හෙට සාජා හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව බංග්ලාදේශයේ පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩාකරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ඉදිරි තරග සදහා යළි දිල්ලි කණ්ඩායම සමඟ එක් නොවන බව තහවුරු කර තිබෙනවා.

2025 IPL තරගාවලිය ඉන්දු පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තවකාලික නවතා දැමීමට කටයුතු කළ අතර සතියක පමණ විරාමයකින් අනතුරුව තරගාවලිය හෙට යළි ආරම්භ වනවා.

එම කාලසීමාව තුළ විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉන්දියාවෙන් තම මව්රටවල් බලා පිටත්ව ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ පිරිසක් තරගාවලියේ ඉදිරි තරග සඳහා එක් නොවන බව පවසා තිබෙනවා.

World News

Send your contact Details Today