Latest News

ඉන්දිය ටෙස්ට් නායකත්වයේ වෙනසක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත සංචාරය සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කරන විට ශුබ්මන් ගිල් නව ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ ඔහු ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් සමඟ දීර්ඝ හමුවක් ද පවත්වා ඇති බවයි.

මේ අතර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ මීළඟ නායකත්වයට වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා පත්වනු ඇති බවට ඇතැමුන් මත පළකර තිබුණා.

මීට පෙර තීරණාත්මක අවස්ථා කිහිපයකදීම බුම්රා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා වෙනුවට කටයුතු කරමින් ජයග්‍රහණ ද ඉන්දීය කණ්ඩායම ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි මාසයෙන් පසු මේ දක්වා බුම්රා ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටින අතර, ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් ඊට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් බුම්රාට ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ අමතර වගකීමක් ලබාදිය යුතුදැයි තේරීම් කමිටුවේ සාකච්ඡාවට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ඉවත්වීමෙන් පසු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පුරප්පාඩුව පවතිනවා.

World News

Send your contact Details Today