Latest News

ඉන්දියාව සහ චීනය අතර ගැටළුවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාන නැවත නම් කිරීමට චීනය ගත් පියවර ප්‍රතික්ෂේප කරන බව ඉන්දියාව පවසනවා.

ඉන්දියාව පවසන්නේ හිමාලය ප්‍රදේශය ඉන්දියාවේ සමස්ත කොටසක් බවයි. 

චීනය විසින් අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන මීට මාස කිහිපයකට පෙර ද නැවත නම් කර තිබූ අතර, මෙම ප්‍රශ්නය දෙරට අතර සබඳතාවලට බාධා ගෙන දුන්නා. 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ, සම්පූර්ණයෙන්ම චීනයේ ස්වෛරීභාවය තුළ පවතින අරුනාචල් ප්‍රදේශ් හි ඇතැම් ස්ථාන නම් ප්‍රමිතිගත කර ඇති බවයි. 

අරුනාචල් ප්‍රදේශ් චීනය Zangnan ලෙස හඳුන්වන අතර එය දකුණු ටිබෙටයේ කොටසක් බව ද පවසනවා. 

එහෙත් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් නැවත නැවතත් චීනයේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ, “නිර්මාණාත්මක නම් කිරීම මගින් අරුණාචල් ප්‍රදේශ් ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථය වෙනස් නොකරනු ඇත, පවතිනු ඇත, සහ සැමවිටම ඉන්දියාවේ ඒකාග්‍ර සහ වෙන් කළ නොහැකි කොටසක් ලෙස පවතිනු ඇත,” යනුවෙන්.

World News

Send your contact Details Today