Latest News

කෝලිගේ තීරණයට කළින් ඔහු කළ ඇතැම් ප්‍රකාශයන් ගැන රවී කියූ දේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන විරාට් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කිරීම නියමිත සුදුසු කාලයේ දී ගත් වග ඉන්දීය හිටපු ක්‍රිකට් පුහුණුකරු රවි ශාස්ත්‍රී පවසනවා.

espncricinfo.com වෙබ් අඩවියට ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට පෙර තමන් සමඟ පෞද්ගලික සංවාදයක් පැවැත්වූ බවත්, කෝලි කළ ඇතැම් ප්‍රකාශයන් මගින් සනාථ වන්නේ එම තීරණය නිවැරදි බවටයි.

කෝලිගේ නායකත්වයෙන් යුත් ධුර කාලයෙන් වැඩි කාලයක් ඉන්දියාවේ පුහුණුකරු වූයේ ශාස්ත්‍රි වන අතර, කෝලිට මෙම තීරණය ගැන කිසිඳු පසුතැවිල්ලක් නොමැති බව ද රවී ශාස්ත්‍රි පවසනවා.

එමෙන්ම කෝලිට තවමත් එක්දින සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තුළ විශාල දායකත්වයක් ඉන්දියාව සහ ක්‍රීඩාව වෙනුවෙන් ලබා දිය හැකි බවයි රවි ශාස්ත්‍රිගේ මතය වන්නේ.

World News

Send your contact Details Today