Latest News

අසලංක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට?

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක එක් කරගැනීමට මුම්බායි ඉන්දියන්ස් (MI) අවධානය යොමු කර තිබෙන බවට වාර්තා වනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන පරිදි මේ වනවිට මුම්බායි වෙනුවෙන් ක්‍රීඩා කරන රයන් රිකෙල්ටන් සහ කෝබින් බොෂ් ටෙස්ට් ලෝක ශූරතාව සඳහා එක්වීමට යළි මව්බිමට යාමට නියමිත බැවින් චරිත් ව ඒ සඳහා ආදේශ කිරීමට ඔවුන්ගේ අවධානය යොමු ව ඇති බවයි.

එමෙන්ම එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක විල් ජැක්ස් ද ප්ලේ-ඕෆ් සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණයට වැඩි ඉඩකඩක් හිමිවනු ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ඊයේ දින ගුජරාට් ටයිටන්ස් තම කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් වෙනුවට කුසල් මෙන්ඩිස් ව මිල දී ගැනුණා.

World News

Send your contact Details Today