Latest News

අපේ චරිත් වෙනුවෙන් Forbes සඟරාවේ පිටුවක් වෙන්වෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘Wild Cookbook’ හි නිර්මාතෘ, ශ්‍රී ලාංකික සූපවේදී චරිත් එන්. සිල්වා, 2025 සඳහා Forbes 30 Under 30 Asia ලැයිස්තුවට නම් කර තිබෙනවා.

Forbes හි “30 Under 30 Asia” ලැයිස්තුවේ 10 වන වාර්ෂික සංස්කරණයට ආසියා – පැසිෆික් කලාපය පුරා තරුණ ව්‍යවසායකයින්, නායකයින් සහ නවෝත්පාදකයින් 300ක් ඇතුළත් වන අතර, ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 30 ට අඩු වීම ද සුවිශේෂීයි.

එම සුවිශේෂී විශිෂ්ටයින්ගේ නාම ලැයිස්තුවටයි ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායක චරිත් එන්. සිල්වාගේ නම ද ඇතුළත් ව ඇත්තේ.

‘Wild Cookbook’ යන මාතෘකාව යටතේ ඉවුම් පිහුම් වීඩියෝ සඳහා ප්‍රසිද්ධියට පත් වූ චරිත්, Forbes හි The Arts (කලාව සහ විලාසය, ආහාර සහ පාන වර්ග) කාණ්ඩයට සිය නම ඇතුළත් කරගැනීමට සමත් ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාවේ ශ්‍රී ලාංකිකත්වය ජාත්‍යන්තරයට රැගෙන ගිය තරුණ සුපවේදියා ගැන දක්වා ඇත්තේ මෙසේයි;

“එළිමහන තුළ කෑම පිළියෙළ කරන ආකාරය පෙන්වන වීඩියෝ සඳහා ප්‍රසිද්ධ චරිත් එන් සිල්වා, 2020 දී කොවිඩ් වසංගතය අතරතුර ‘Wild Cookbook’ යූ ටියුබ් නාලිකාව නිර්මාණය කර ඇත. වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඇති ‘Wild Cookbook’ මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම යූ ටියුබ් නාලිකාව වන අතර ග්‍රාහකයින් මිලියන 10කට අධික සංඛ්‍යාවක් සිටින්නකි. චරිත් එන්. සිල්වාට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 2.3කට අධික සංඛ්‍යාවක් සිටී. 2024 නොවැම්බර් මාසයේදී ඔහු කොළඹ වයිල්ඩිෂ් නමින් අවන්හලක් විවෘත කළේය.” යනුවෙන්.

සිය වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයට පත් වීම ගැන මෙම තරුණ ව්‍යවසායකයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා තිබෙන්නේ මෙලෙසින්.

”2025 දී ෆෝබ්ස් 30 න් පහළ 30!! ✨
මගේ කතාවේ කොටසක් වූ සෑම පුද්ගලයෙකුටම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි ❤️
මෙම ඇදහිය නොහැකි ගෞරවය සඳහා ෆෝබ්ස් ඔබට ස්තුතියි!” යනුවෙන්.

World News

Send your contact Details Today