Latest News

දහසකට ආසන්න ජීවිත ප්‍රමාණයක් බිලිගත් ගෙවුනු මාස 5

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවයි.

එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළා.

අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today