විනීතභාවයේ හේතු මත Cannes රතු පලස මත Nudity තහනම් කර තිබෙනවා.
මෙම වසරේ පැවැත්වෙන උත්සවයට දිනක් තිබියදීයි Nudity නිල වශයෙන් තහනම් කරනු ලැබුවේ.
සංවිධායකයින් වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති තොරතුරු වල සදහන් වුනේ “විනීත හේතූන් මත, රතු පලස මත නිරුවත තහනම්” වන බවයි.
78 වන වාර්ෂික උළෙල ආරම්භයේදී Ari Aster ගේ Eddington, Spike Lee ගේ Highest 2 Lowest සහ Tom Cruise රංගනයෙන් දායක වන Mission: Impossible – The Final Reckoning ඇතුළු කැපී පෙනෙන චිත්‍රපට කිහිපයක මංගල දර්ශන ඉදිරිපත් වනු ඇති.
මෙහි ඉලක්කය ඇඳුම් පැළඳුම් නියාමනය කිරීම නොව, උත්සවයේ ආයතනික රාමුවට සහ ප්‍රංශ නීතියට අනුකූලව රතු පලස මත සම්පූර්ණ නිරුවත තහනම් කිරීම බවයි සංවිධායකයින් සදහන් කළේ.
Kanye West’s wife, Bianca Censori, Julia Fox, Olivia Wilde, Megan Thee Stallion, music artist Teyana Taylor, සහ fashion content creator Erica Pelosini වැනි අය භාවිත කරන ලද ඇදුම් පසුගිය වසරේ උළෙලේදී දැඩි කතාබයකට ලක් වුණා.