Latest News

ශ්‍රී ලංකාව තුළ රෝග දෙකක භයානක වැඩිවීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ දක්වා කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 2,355ක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 48ක ප්‍රතිශතයක් වනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ චිකන්ගුන්‍යා රෝගීන් වාර්තාවීම ද මෙම කාලය තුළ ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ ජාතික ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම කාලය තුළ දිස්ත්‍රික්ක 15ක හඳුනාගත් ස්ථාන වල විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

World News

Send your contact Details Today