එංගලන්තයේ හිටපු රාජකීය නාවික භටයෙක් ට්‍රයැත්ලෝන් තරගයකින් එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා.
ට්‍රයැත්ලෝන් තරගයක් යනු පිහිනීම, බයිසිකල් පැදීම සහ දිවීමෙන් පසු යන ත්‍රිත්ව ආකාරයම ඇතුළත් තරගයක් වනවා.
ඒ අනුව මිච් හච්ක්‍රාෆ්ට් (Mitch Hutchcraft) නමැති මෙම නාවික භටයා එංගලන්තයේ සිට නේපාලය දක්වා සැතපුම් 8,000 කට වඩා වැඩි දුරක් ගමන් කර තිබෙනවා.
සැප්තැම්බර් 15 වැනිදා මෙලෙස තරගවැදීම ආරම්භ කළ ඔහුට එවරස්ට් කන්ද තරණය කිරීමට දින 240ක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.