Latest News

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව අපනයන ආදායම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර පාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළයෑම බලපා තිබෙන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

එමෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 11.1කින්, කුළුබඩු අපනයන ආදායම සියයට 75කින්, ආහාර පාන වර්ග දුම්කොළ අපනයන ආදායම සියයට 23.8කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් තිබෙනවා.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම සියයට 26.6කින් සහ තේ අපනයන ආදායම සියයට 4.6කින් ඉහළගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වනවා.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට ආනයන වියදම පෙර වර්ෂයේ (2024) මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887 දක්වා 11.1% කින් ඉහළ ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today