Latest News

මහනුවර, අලදෙණියේ බස් රථ අනතුරක් – තුවාලකරුවන් රෝහල් 03කට යොමු කරයි (PHOTOS)

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර, අලදෙණිය පොලිස් වසමේ යටිහලගල – කළුගම්මන මාර්ගයේ කළුගම්මන හන්දිය ආසන්නයේ දී ඊයේ (12) බස් රථයක් රාත්‍රියේ අනතුරට ලක්වූණා.

එම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක් කාන්තාවන් 20 සහ ළමුන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා මහනුවර, පේරාදෙණිය සහ තිත්තපජ්ජිල යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අලදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

PHOTOS COURTESY: Accident First

World News

Send your contact Details Today