Latest News

හැමෝම කැමති ක්‍රීඩාවක් ඇෆ්ගනිස්තානය තුළ තහනම් කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉස්ලාමීය නීතිය පිළිබඳ ව පැන නැග ඇති ගැටලුවක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් චෙස් ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.

indianexpress වෙබ් අඩවිය වාර්තා කළේ, ඉස්ලාමීය නීතියේ අර්ථ නිරූපණය යටතේ තහනම් ක්‍රියාකාරකමක් ලෙස සැලකෙන මෙම ක්‍රීඩාවා සූදුව ප්‍රවර්ධනය කිරීමක් ලෙස හුවා දක්වා ඇති බවයි.

ඇෆ්ගන් තලේබාන් රජය ඊයේ දිනයේ දී මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලද අතර එහි දැක්වෙන්නේ චෙස් ක්‍රීඩාව ඉස්ලාමීය මූලධර්මවලට අනුකූල ද නැද්ද යන්න ආගමික බලධාරීන් තීරණය කරන තෙක් අදාළ නියෝගය ක්‍රියාත්මක වන බවයි.

තලේබාන් ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි AFP වෙත අදහස් දක්වමින් රාජ්‍ය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර කේන්ද්‍ර කරගනිමින් විවිධ ස්ථානවල චෙස් ක්‍රීඩා කිරීම මුදලට සිදු කෙරෙන අතර එය එරට තුළ ඇතැම් ව්‍යාපාරිකයින්ගේ විශාල ආදායම් මාර්ගයක් බවයි.

World News

Send your contact Details Today