Latest News

ලියෝ පාප් වහන්සේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙයට යයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව පාප් ධුරයට පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේ, සාන්ත මරියා මැජියෝරේ දේවාස්ථානයෙහි පිහිටා ඇති ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය වෙත ගොස් තිබෙනවා.

සිය පළමු සංචාරය අවසන් කරමින් නැවත වතිකානය වෙත ආපසු යන අතරතුරදී උන්වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය සහ සාලස් පොපුලි රොමානි නම් කන්‍යා මරිය තුමියගේ පිළිරුව වෙත ගොස් යාච්ඤා මෙහෙයන්හි නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම උන්වහන්සේ පාප් වහන්සේ ලෙස තේරී පත් වීමෙන් පැය 48 කටත් අඩු කාලයකට පසු, සිය පළමු සංචාරය ලෙස ජෙනසානෝ හි යහපත් උපදේශක මවගේ සිද්ධස්ථානයේ සංචාරය කර තිබෙනවා.

World News

Send your contact Details Today