Latest News

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරය ගොඩගත් මෙහෙයුම (PHOTOS)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයඊයේ (10) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමක දී හෙලිකොප්ටර් යානය ගොඩගැනීමට හැකි වූ බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

පෙරේදා (09) පෙරවරුවේ සිදු වූ මෙම හෙලිකොප්ටර් අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර, අනෙකුත් හමුදා සෙබළුන් 06 දෙනා තුවාල ලබා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මාදුරුඔය විශේෂ බලකායේ පැවැති විසිර යාමේ පෙළපාලියට නිදර්ශනාත්මක පුහුණුවට සහභාගි වෙමින් සිටියදී යානය අනතුරට ලක්ව තිබුණා.

World News

Send your contact Details Today