Latest News

ශ්‍රී ලංකාවේ ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ජාතික වෙසක් සතිය අදින් (10) ආරම්භ වනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

”කළණ මිතුරන් ඇසුරු කරමු” යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.

සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

වෙසක් සතියේ දින තුනක් ශ්‍රී ලංකාවේ සුරාසැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනවා.

ඒ මැයි 12,13 හා 14 යන දිනවලයි.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.

ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.

World News

Send your contact Details Today