Latest News

🟠 𝙅𝙐𝙎𝙏 𝙄𝙉: ගුවන් හමුදා බෙල් 212 අනතුර – හමුදාවේ 5 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් අද උදෑසන මාදුරුඔය ජලාශයට කඩා වැටුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවයි.

එහි යුද හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් කිහිපදෙනෙකු සිට ඇති බවද ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසුවා.

මෙම අනතුරින් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා තහවුරු කළා.

ඒ හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකුයි.

එමෙන්ම තවත් හමුදා සාමාජිකයින් 06 දෙනෙකු බරපතළ තත්වයෙන් රෝහල්ගතකර ඇති බව ද සඳහන්.

මේ අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ පැවසුවේ ගුවන් හමුදාපතිවරයා විසින් මෙලෙස 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.

World News

Send your contact Details Today