Latest News

දිනෙන් දින වැඩිවන තවත් භයානක රෝගයක් ගැන අනාවරණයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ළමුන් 2,000ත් 2,500ත් අතර පිරිසක් තැලසීමියා රෝගයට ගොදුරු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වර්ෂයකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසීමියා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය සඳහන් කරනවා.

මැයි 8, එනම් අද දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර තැලසීමියා දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය තවදුරටත් පවසා සිටියේ තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටින බවයි.

මෙවර ජාත්‍යන්තර තැලසීමියා දින තේමාව වූයේ “තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම“ යන්නයි.

ප්‍රවේණි රෝග අතුරෙන් ලෝකයේ බහුල ලෙස පවතින බෝවන රෝගයක් ලෙස තැලසීමියා රෝගය හැඳින් විය හැකියි.

රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙම රෝගය වැළඳීම වළක්වා ගත හැකි වනවා.

ජාත්‍යන්තර තැලසීමියා දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂ දිනයක් ලෙස නම් කර ඇත්තේ එම අවබෝධය ලෝකවාසීන්ට ලබාදීමේ අරමුණින් වනවා .

රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලොබීන් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයක් ලෙස තැලසීමියා රෝගය හඳුන්වනවා.

World News

Send your contact Details Today