Latest News

පළාත් පාලන ඡන්ද විමසීම 2025: සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 339 න් බහුතරය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණා.

ඒ ඡන්ද සියයට 43.26ක ප්‍රතිශතයක් සමග ආසන 3,927 ක් දිනා ගනිමින්.

සමගි ජන බලවේගය ඡන්ද සියයට 21.69 කින් හිමිකර ගත් ආසන සංඛ්‍යාව 1,767 ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 9.17% ලබාගනිමින් ආසන 742 ක් දිනාගත්තා.

4.69% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 381 ක්.

පොදුජන සන්ධානය 3.73% ක් ලබාගනිම්න් ආසන දිනාගෙන ඇත්තේ 300 ක් පමණයි.

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවුවද ඇතැම් පළාත්වල සභාවක් පිහිටුවීමේදී අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

World News

Send your contact Details Today