Latest News

කෝවිලක සිදු වූ ඛේදවාචකයකින් පුද්ගලයන් 06 දෙනෙකු ජිවිතක්ෂයට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ – ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 70 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ගෝවෙහි කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර බැතිමතුන් රැඳි සිටි පොලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.

World News

Send your contact Details Today