Latest News

TikTok නිසා ඔබේ පුද්ගලික දත්ත අනතුරේ – හේතුව මෙන්න

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

TikTok සමාගමට යුරෝ මිලියන 530ක දඩයක් පනවා තිබෙනවා.

ඒ අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම (DPC) විසින්.

යුරෝපීය ආර්ථික කලාපයේ (EEA) පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට මාරු කිරීම හේතුවෙන් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම විසින් TikTok සමාගමට මෙම දඩය නියම කර තිබෙනවා.

මෙම මුදල ඩොලර් මිලියන 601කට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය යුරෝපීය සංගමයේ GDPR දත්ත ආරක්ෂණ රෙගුලාසි උල්ලංඝනයක් බව වාර්තා වනවා.

අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසමේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය සහ ඔත්තු බැලීම සම්බන්ධ දේශීය නීති යටතේ යුරෝපීය පරිශීලකයින්ගේ දත්ත චීන බලධාරීන්ට ප්‍රවේශ විය හැකි බවත්, එය EU ප්‍රමිතීන්ට පටහැනි බවයි.

අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම තවදුරටත් පැවසුවේ, TikTok සමාගම පවසා ඇති පරිදි යුරෝපීය ආර්ථික කලාපයේ (EEA) පරිශීලකයින්ගේ දත්ත චීනයේ සේවාදායකයන්හි ගබඩා නොකළ බවයි.

කෙසේ නමුත්, TikTok හි යුරෝපය සඳහා වන මහජන ප්‍රතිපත්ති හා රජයේ සබඳතා ප්‍රධානී ක්‍රිස්ටීන් ග්‍රාන් පැවසුවේ, අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසමේ තීරණයට එකඟ නොවන බවත්, TikTok හි නව දත්ත ආරක්ෂණ මුලපිරීම් සලකා බැලීමට අපොහොසත් වූ බැවින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

World News

Send your contact Details Today