Latest News

ලංකාවට වාහන ගෙන්වීමට තිබූ තවත් සීමා කිහිපයක් ඉවතට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති.

ඒ පරිහරණය කරන ලද විද්‍යුත් යතුරුපැදි හැර, නව විද්‍යුත් යතුරු පැදියක් (Brand New) ආනයනය කරන්නේ නම්, ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට පැවති සීමාව ඉවත් කර තිබීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා…

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන්.

World News

Send your contact Details Today