Latest News

ලංකාවට වාහන ගෙන්වීමට තිබූ තවත් සීමා කිහිපයක් ඉවතට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති.

ඒ පරිහරණය කරන ලද විද්‍යුත් යතුරුපැදි හැර, නව විද්‍යුත් යතුරු පැදියක් (Brand New) ආනයනය කරන්නේ නම්, ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට පැවති සීමාව ඉවත් කර තිබීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා…

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන්.

World News

Send your contact Details Today