නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර (New Zealand Under 85 KG) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.
ඒ අනුව ඊයේ (30) රාත්‍රියේ දී එම කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 605 දරන ගුවන්යානයෙන් රාත්‍රී 10.40ට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර සිට එම කණ්ඩාම ශ්‍රී ලංකාවට ට පැමිණි බවයි WESL News ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
ක්‍රීඩකයින් 28 දෙනෙකු සහ නිලධාරීන් 06 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත රගර් කණ්ඩායම, ලෝකයේ ඔවුන් සිදු කරන ප්‍රථම, මංගල (Inogaral Tour ) විදේශ තරග සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.
ඔවුන් මැයි 04 වැනි දින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී සහ මැයි 10 වැනි දින කොළඹ තුරග තරග පිටියේ දී ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.