Latest News

ඉන්දු – පාකිස්තාන යුද්ධයකට, මෝදීගෙන් රතු එළියක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.

ඒ පසුගිය දා එල්ල වූ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන්.

ඒ අනුව, ප්‍රහාර එල්ල කළ යුතු ඉලක්ක සහ වේලාව තීරණය කිරීම සඳහා ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට අගමැති මෝදි විසින් ‘පූර්ණ මෙහෙයුම් නිදහස’ ලබා දී ඇති බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

ඔහු එම අවසරය ලබාදී ඇත්තේ ඊයේ පස්වරුවේ නව දිල්ලි හිදි රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සීලයේ දී බව සඳහන්.

ඒ සඳහා ඉන්දීය හමුදා ප්‍රදානීන් මෙන්ම ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ද සහභාගී වී තිබූ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today