Latest News

දන්සැල් දෙන්න ඉන්න අයට පොදු උපදෙස් මාලාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින්.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන අතර මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාර, නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම නිසා ආහාර හා ජලය මගින් බෝවන රෝග වැළඳීම හා ආහාර විෂ වීම් ද ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය සඳහන් කරනවා.

එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළසංවිධානය වන සියලුම දන්සැල් පහත පොදු උපදෙස් මාලාවට අනුකූලව ඉටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරනවා.

එමෙන්ම මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමට කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

World News

Send your contact Details Today