Latest News

පකිස්තානයට එරෙහිව කැනඩාවේ දැවැන්ත උද්ඝෝෂණ

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගියදා ජම්මු – කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ව පකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා කැනඩාවේ ටොරෙන්ටෝ හි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනඩාවේ ජීවත් වන හින්දු, යුදෙව්, බලුච්, ඉරාන සහ අනෙකුත් ප්‍රජාවන් ඇතුළු කැනේඩියානුවන් ද එක්ව 500කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මෙකී උද්ඝෝෂණයට එක් ව ඇති බවයි.

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය සහයෝගීතාව අවධාරණය කරමින් පකිස්ථානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන ලෙස කැනඩාවෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

පකිස්තානයේ සහාය ලබන ජිහාඩි ත්‍රස්තවාදීන් විසින් ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි මෑතකදී හින්දු භක්තිකයන් සමූලඝාතනය කිරීම හෙළා දකිමින් දැවැන්ත ඉටිපන්දම් දල්වා රැලියක් පැවැත්වීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ.

කැනඩාවේ හින්දු සංසදය, COHNA සහ තවත් හින්දු සංවිධාන කිහිපයක් විසින් මෙය සංවිධානය කරනු ලැබුවා.

World News

Send your contact Details Today