Latest News

ටයිටැනික් මතකය යළි අවදි කළ ලිපියක් නොසිතූ මිලකට වෙන්දේසි වෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටයිටැනික් නෞකාවේ මගියෙකු විසින් එම නෞකාව ගිලීයාමට දින කිහිපයකට පෙර ලියන ලද ලිපියක් බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

ඒ අනුව කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි විසින් ලියන ලද එම ලිපිය පවුම් ලක්ෂ 3කට වෙන්දේසි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලිපිය පවුම් 60,000ක මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළද එමෙන් පස් ගුණයක මුදලකට එය වෙන්දෙසි වී තිබීම විශේෂත්වයක්.

ලිපිය නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසිගේ 1912 වසරේ අප්‍රේල් මස 10 වන දිනැති අදාළ ලිපියෙන් දින 05 කට පසු ටයිටැනික් නෞකාව උතුරු අත්ලන්තික් සාගරයේදි අයිස් කන්දක ගැටී ගිලි ගියා.

එහිදී නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 2,200ක පමණ පිරිසෙන් 1,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

World News

Send your contact Details Today