Latest News

මෙල්බන් නුවර ප්‍රචණ්ඩ ගැටුම්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තා අයිතිවාසිකම් රැලියට විරෝධතාකරුවන් පැමිණීමෙන් මෙල්බන් නුවර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්වය හමුවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් නගරයේ දේපළ වලටද හානි සිදු කර තිබෙනවා.

කාන්තා අයිතිවාසිකම් රැලියක් කඩාකප්පල් කිරීමට රැස්වූ විරෝධතාකරුවන් නගරය පුරා සැරිසැරීම නිසා ක්‍රියාකාරීන් සහ පොලිසිය ප්‍රචණ්ඩ ලෙස ගැටුම් ඇති වුණා.

පාර්ලිමේන්තු මන්දිරයේ සිට වීදි හරහා සංක්‍රාන්ති ලිංගිකයන්ට පක්ෂපාතී විරෝධතාකරුවන් ගමන් කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය සදහන් කලේ විරෝධතාවයට 440 ක් පමණ සහභාගී වූ බවයි.

පසුව 40 දෙනෙකු පමණ CDB හරහා පාගමනක් පවත්වා ඇති අතර ඔවුන්මංසන්ධි අවහිර කිරීමට කටයුතු කල බව පොලීසිය සදහන් කළා.

විරෝධතාකරුවන් පොලිස් විරෝධී හැඟීම් සහ සංක්‍රාන්ති ලිංගිකත්වයට පක්ෂව සටන් පාඨ ගායනා කර තිබෙනවා.

ඒ අනූවයි මෙම ගැටුම්කාරී තත්වය උද්ගත වී ඇත්තේ.

World News

Send your contact Details Today