Latest News

තමන් ගැන බොරු තොරතුරු දුන් අමරිකානු කොන්ග්‍රස් සභික ජෝර්ජ් සැන්ටොස්ට වැඩ වරදී

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ හිටපු කොන්ග්‍රස් සභික ජෝර්ජ් සැන්ටොස් ඔහුට එරෙහිව එල්ල වී තිබූ වංචා සම්බන්ධ චෝදනා සඳහා වරදකරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුට වසර හතකට වැඩි සිරදඬුවම් නියම කර ඇති බවයි.

36 හැවිරිදි සැන්ටෝස් පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක් අධිකරණයේදී තමන්ට එල්ල වූ චෝදනාවලට වරද පිළිගත්තා.

ඒ අනුව අමෙරිකානු නඩු පවරන්නන් ඔහුගේ දඬුවම ලෙස මාස 87ක සිරදඬුවමක් ඉල්ලා තිබුණා.

කෙසේවෙතත් සැන්ටෝස්ගේ නීතිඥයන් ඉල්ලා සිටියේ, අනන්‍යතාව සම්බන්ධයෙන් සිදුකළ වංචා සඳහා අවම සිරදඬුවම ලෙස වසර දෙකක් ප්‍රකාශයට පත්කරන ලෙසයි.

නඩුපවරන්නන්ගේ ඉල්ලීම් සළකා බලා අධිකරණය ඔහුට එරෙහිව දඬුවම් ප්‍රකාශයට පත්කරන විට සැන්ටෝස් අධිකරණය තුළ හඬාවැටී තිබෙනවා.

මෙම වංචා නඩුව හේතුවෙන් කොන්ග්‍රසයෙන් ඔහුව නෙරපාහරින ලද අතර, ඔහු ඔහුගේ පසුබිම පිළිබඳ ව්‍යාජ දත්ත ඉදිරිපත් කිරීමත්, ඔහුගේ ජීවන රටාවට මුදල් සපයා ගැනීම සඳහා මැතිවරණ ප්‍රචාරක අරමුදල් අනිසි ලෙස භාවිත කළ බවටත් සැන්ටෝස් ට චෝදනා වී තිබුණා.

සිකුරාදා උසාවියේදී හඬමින් සැන්ටොස් ඔහුගේ ක්‍රියාව ගැන සමාව අයැද සිටි බව වාර්තා වනවා.

කෙසේවෙතත් සැන්ටොස් ඊයේම සිරමැදිරියට යොමුකෙරුණා.

World News

Send your contact Details Today