Latest News

එක්සත් ජාතීන් විසින් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් කළ ඉල්ලීම

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ උපරිම සංයමයෙන් ක්‍රියාකරන ලෙස එක්සත් ජාතීන්, ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක් නොවීමට වගබලා ගතයුතු බවයි.

පකිස්තානය සහ ඉන්දියාව අතර ඕනෑම ගැටලුවක්, අන්‍යෝන්‍ය මැදිහත්වීමකින් සාමකාමීව විසඳා ගැනීමට හැකි බවට විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය අඟහරුවාදා කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද අදහස් දක්වමින්.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ මෙය වැරදිකරුවා සැඟවීමට ඉන්දියාව විසින් පාකිස්තානට චෝදනා එල්ල කරන බවයි.

කෙසේ වෙතත් ඔහු එම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැහැ.

World News

Send your contact Details Today