Latest News

පුරාණ සම්ප්‍රදායට ගරු කරමින් වතිකානයේ ශෝක කාලය ගැන විශේෂ තීරණයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් වතිකානයේ දින 9ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව අඛණ්ඩව දින 9ක ශෝක කාලයක් තුළ පැවැත්වීම පුරාණ සම්ප්‍රදාය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

වතිකානයේ කාඩිනල්වරුන්ගේ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ දින 9ක ශෝක කාලයට අදාළ කාලසටහනක් ද නිකුත් කර තිබෙන බව ද සඳහන්.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය හෙට (26) වතිකාන වේලාවෙන් පෙරවරු 10.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට) සාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට එළිමහන් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත අතර, අවසන් දේව මෙහෙයෙන් අනතුරුව උන් වහන්සේගේ දේහය ශාන්ත මේරි මැජියෝරී බැසිලිකා පරිශ්‍රයේ තැන්පත් කිරීමට නියමිතයි.

මේ අතර 2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් සහ උන්වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම මතයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ 2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි.

World News

Send your contact Details Today