ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන “සිරි දළදා වන්දනා” 07 වැනි දිනය අදයි.
මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඊයේ (23) රාත්‍රීයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.
සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින “සිරි දළදා වන්දනාව” සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.
සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට “සිරි දළදා වන්දනාව” සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.
ඒ අනුව ‘සිරි දළදා වන්දනාව‘ සදහා මහනුවර නගරයට පැමිණීමට සැළසුම් කර ඇති සැදැහැවතුන්ට යළි දැනුම් දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් සිදු කරනවා.