Latest News

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු අලුත්ම බලය

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින්.

පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් වනවා.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today