Latest News

ඉන්දු – අමෙරිකා යෝජිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් සුබදායී වන ලකුණු

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දු – අමෙරිකා දෙපාර්ශ්වය අතර එළැඹීමට යෝජිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා සුබදායී ප්‍රගතියක් ලබනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් නවදිල්ලියේ දී වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වීමත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් ගැන සැලකිය යුතු මට්ටමේ ප්‍රගතිශීලී ප්‍රතිපත්තියකට යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

යෝජිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමේ (BTA) සාකච්ඡා සඳහා වන මාර්ග සිතියම ගෙනහැර දක්වමින් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් යොමු කිරීමේ කොන්දේසි අවසන් කර ඇති බව එක්සත් ජනපදය නිකුත් කළ නිවේදනයක ද දැක්වෙනවා.

ඇමරිකානු භාණ්ඩ සඳහා නව වෙළෙඳපොළ විවෘත කිරීමෙන් සහ එක්සත් ජනපද කම්කරුවන්ට හානි කරන අසාධාරණ භාවිතයන් ආමන්ත්‍රණය කිරීමෙන් සමතුලිතතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ළඟා කර ගැනීමට මෙම අඛණ්ඩ සාකච්ඡා උපකාරී වනු ඇතැයි එක්සත් ජනපද වෙළඳ නියෝජිත (USTR) ජේමිසන් ග්‍රියර් පැවසුවා.

මේ දක්වා ඉන්දියාවේ ඵලදායී මැදිහත්වීම අමෙරිකාව සාදරයෙන් පිළිගෙන තිබෙනවා.

“දෙරටේම කම්කරුවන්, ගොවීන් සහ ව්‍යවසායකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට මම බලාපොරොත්තු වෙමි,” යනුවෙන් අමෙරිකානු නියෝජිත ජේමිසන් ග්‍රියර් වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today