Latest News

අමෙරිකාකානු බදු හමුවේ ආසියානු සෝලා කර්මාන්තය කඩා වැටෙන ලකුණු

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද වෙළඳ දෙපාර්තමේන්තුව අග්නිදිග ආසියානු රටවල් හතරක සිට ආනයනය කරන සෝලාර් පැනල සඳහා 3,521% දක්වා තීරුබදු අවසන් වශයෙන් නියම කර ඇති අතර මේ හේතුවෙන් එම කර්මාන්ත කරුවන් දැඩි අසීරු තත්වයකට පත්ව අතරමංවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම රටවල් වන්නේ කාම්බෝජය, තායිලන්තය, මැලේසියාව සහ වියට්නාමයයි.

චීනයෙන් සෝලාර් නිෂ්පාදන ගෙන්වීම වෙනුවට වෙනත් රටවල් ඇමරිකාව තොරාගෙන තිබූ නමුත් චීනය කළේ තමන්ගේ ඇතැම් නිෂ්පාදන සමීප රටවල් වල නිෂ්පාදන ලෙස මතු කිරීමයි.

එක්සත් ජනපදයේ සෝලාර් නිෂ්පාදකයින් විසින් මේ ගැන විපරම් කළ අතර වසරක පරීක්ෂණයකින් පසුව අදාළ සමාගම් ගැන සොයා බලා මෙම තීරුබදු පැනවී තිබෙනවා.

මෙම පරීක්ෂණයේදී චීන සමාගම් විසින් නිෂ්පාදන කටයුතු මෙම රටවල් වෙත මාරු කිරීමෙන් අසාධාරණ ලෙස අඩු මිලට සෝලාර් පැනල විකිණීම සහ නීති විරෝධී සහනාධාර ලබා ගැනීම මගින් එක්සත් ජනපද දේශීය නිෂ්පාදකයින්ට හානි කරන බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව;

  • ඉහළම තීරුබදු, 3,521% දක්වා, පරීක්ෂණයට සහයෝගය නොදැක්වූ ඇතැම් කාම්බෝජ අපනයනකරුවන් සඳහා පනවා තිබෙනවා.
  • මැලේසියාවෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා, විශේෂයෙන් චීන සමාගමක් වන ජින්කෝ සෝලාර් (Jinko Solar) වෙතින්, තීරුබදු බොහෝ දුරට අඩු අගයක පවතින අතර, එය 41-42% පමණ වනවා. 
  • තායිලන්තයේ නිෂ්පාදනය කරන ට්‍රිනා සෝලාර් (Trina Solar) නිෂ්පාදන සඳහා 375% පමණ තීරුබදු පනවා තිබෙනවා.
  • වියට්නාමය සම්බන්ධ තීරුබදු විවිධාකාර වන අතර, සමහර සමාගම් 400% දක්වා ගාස්තු වලට මුහුණ දෙනවා.

මෙම තීරුබදු සහනාධාර ප්‍රති-සමතුලිත ගාස්තු (සහනාධාර පියවීම සඳහා) සහ ඩම්පිං විරෝධී ගාස්තු (අසාධාරණ අඩු මිල ගණන් වැළැක්වීම සඳහා) සංයෝජනයක් වනවා.

මෙම පියවරයන් ක්‍රියාත්මක වන්නේ එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ කොමිසම (ITC) විසින් කරන අවසන් තීරණය මත පදනම්ව වන අතර, එය 2025 ජූනි මාසයේ සිට ක්‍රියාත්මකවීම බලාපොරොත්තු වනවා.

අමරිකාව මේ වනවිට ප්‍රතිවාදී චීනයේ ආර්ථික බලය බිඳ දැමීමේ සෘජු මෙන්ම වක්‍ර ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර එහි කොටසක් ලෙස මෙම බදු හඳුන්වාදී තිබෙනවා.

මේ තුළින් එම සමාගම් වල සැපයුම අඩාළවී ලාභයට අහිතකර ලෙස බලපෑම් එල්ලවන අතර අවසානයේ එම නිෂ්පාදනවල මිල ඉහළයාමට ඉඩ තිබෙනවා.

අමරිකාවේ බදු ප්‍රතිපත්ති නිසා අනෙක් රටවල සෝලා පාරිභෝගිකයින්ටද ඉදිරියේ ගැටලු වලට මුහුණදෙන්නට සිදුවනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today