Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, ඉතාලියට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, ඉතාලිය බලා අද (23) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සනාථ කර තිබෙනවා.

Radio WESL ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඉතාලියේ රෝමයේ පැවැත්වෙන ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීමට නියමිත බවයි.

උන් වහන්සේ අද උදෑසන 09.30ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිතයි.

World News

Send your contact Details Today