Latest News

දකුණු කාශ්මීරයේ සිදු වූ වෙඩි තැබීමක් – මෝදිගෙන් අනතුරු ඇඟවීමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා තිබෙනවා.

ඒ අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X සටහනක් ද තබා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙවැන්නක්;

”ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මම දැඩි ලෙස හෙළා දකිමි. තම ආදරණීයයන් අහිමි වූවන්ට ශෝකය පළ කරමි. තුවාල ලැබූවන් ඉක්මනින් සුවය ලබනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. පීඩාවට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දෙනු ලැබේ.

මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින අයව නීතිය හමුවට පමුණුවනු ලැබේ… ඔවුන් බේරෙන්නේ නැත! ඔවුන්ගේ නපුරු න්‍යාය පත්‍රය කිසි විටෙකත් සාර්ථක නොවනු ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අපගේ අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇත” යනුවෙන් එහි සඳහන්.

World News

Send your contact Details Today