Latest News

ළමුන් සූදුවට ඇබ්බැහි කරවන Video Games ගැන අනාවරණයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවලට දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි කරවීම සඳහා විවිධ හානිකර උපක්‍රම යොදාගන්නා බවට වාර්තාවකින් හෙළිව තිබෙනවා.

CPRC සහ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඉදිරිපත් කළ වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාකරන ළමුන් සූදුව වැනි විශේෂාංග ඇතුළු හානිකර මෝස්තර උපක්‍රම සමග මුදල් ඉපයීමේ ක්‍රම හඳුන්වාදීමෙන් ඔවුන් ඊට නැඹුරුවන බවයි පර්යේෂකයින් පවසන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, දරුවන් වැඩි වැඩියෙන් වීඩියෝ ගේම් ගැසීමට සහ වැඩි වියදම් කිරීමට පොළඹවන බව පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ (CPRC) ප්‍රධාන විධායක නිලධාරී එරින් ටර්නර් සඳහන් කළා.

වඩාත් සැලකිලිමත් වනුයේ දරුවන් සූදු විශේෂාංගවලට නිරාවරණය වීම සහ ක්‍රීඩාවේ මුදල් සමග භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹවීමයි.

ක්‍රීඩාවෙන් වටිනා යමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් අභිරහස් පෙට්ටි විවෘත කිරීම සඳහා ක්‍රීඩකයින්ට ගෙවීමට අවශ්‍ය බව දැනුම්දෙනවා.

කණගාටුවට කරුණ නම් ඉලෙක්ට්‍රොනික් සූදු මධ්‍යස්ථාන සඳහා දැඩි නීතිරීති පවතින නමුත් අන්තර්ජාලයේ ඇති වීඩියෝ ගේම් පාලනයට කිසිදු නීතියක් නොමැති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

World News

Send your contact Details Today